පුවත්

ජනපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ.

ඒ කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානයයේදීය.

එහි සභාපති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවුලවිතුමා ඇතුළු විධායක මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වේ.

එහිදී පසුගිය කොරෝනා සමයේ මිය ගිය මුස්ලිම්වරුන් ඇතුළු සෙසු ආගමිකයන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතුව පවතින වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

Trending

Exit mobile version