Connect with us

පුවත්

ජනපති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්විණි .

සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි .

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මත්පැන් හා දුම්කොළ කර්මාන්ත විධිමත්ව නියාමනය කිරීමෙන් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම, නීත්‍යානුකූල ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම, නීති සහ රෙගුලාසිවලට අනුකූලතාව බලාත්මක කිරීම, නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍ර‍මිතියෙන් තොර මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය හානිවලින් ආරක්ෂා වීම  සහතික කිරීම හා ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පාලනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවල ඵලදායි තීරණ ගැනීමේ හා කළමනාකරණ ක්‍රමවේදයක් මගින් ආදායම් එකතු කිරීම හා ආදායම් සුරක්ෂිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද, සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

හෙට ඉහළ උණුසුම් තත්ත්වයක්

Published

on

By

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අදාල ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින්,

Continue Reading

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved