Connect with us

පුවත්

ජනපති හා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ පවත්වා ඇතැයි වාර්තා ‌වේ.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව සාකච්ඡාවෙන් පසු එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

“සාකච්ඡාවක් කළා ජනාධිපතිතුමා ආණ්ඩුවේ පක්ෂ සමග ජනාධිපතිතුමා ඉදිරි වැඩපිළිවෙලත් ඒ වගේම දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. පක්ෂ හැටියට අපි අපෙගේ අදහස් දැක්වුවා.”

ප්‍රශ්නය – කැබිනට් ඇමතිකම් නැති අයත් ඇවිත් ඉන්නවා දැක්කා…රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වගේ. එතුමාලට ජනාධිපතිතුමා මොනවා ද කිව්වේ…?

“කැබිනට් අමාත්‍ය ධුර සම්බන්ධයෙන් පැවතුන සාකච්ඡාවක් නෙමෙයි මේක. ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවක්. අපි පක්ෂයක් හැටියට තනතුරු තානාන්තර බලාගෙන කටයුතු කරන පක්ෂයක්ම නෙමෙයි. දේශපාලනය කියන්නේ අපි අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. විපක්ෂය ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරයි. ජනතාව තෝරාගත යුතුයි. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය…”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ තමන් ආමාත්‍ය නතතුරු ඉල්ලා ලබා නොගන්නා බවය.

“අපි ඉල්ලන්න ගියේ නෑනේ කැබිනට් ඇමතිකම්. ඒගොල්ලෝ ආරාධනා කරලා තිබුණා, පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක නායකයින්ට, ඇමතිවරුන්ට, සෙසු දේශපාලන පක්ෂවල අපිත් එක්ක ඉන්න අයගේ නායකයින්ට. ඒ අය එකතුවෙලා කරපු සාකච්ඡාවක් තමා අද කරේ. උපදෙස් ලැබුණා අපි අතර සංවාදයක් ඇති කළා අපි කොහොම ද ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියලා. ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවට ඕන කරන මන්ත්‍රී සංඛ්‍යාව ඉන්නවා. ආණ්ඩුව ඉදිරියට යන්න කරන්න ඕන කටයුතු තමා කතා කළේ.”

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved