පුවත්

ජනපති – TNA සාකච්ඡාවලට කලින් ඉන්දීය බුද්ධි ප්‍රබලයන් 2ක් යාපනයට 

Published

on

උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබේ.

මෙම සාකච්ඡාවට පෙර ද්‍රවිඩ සන්ධානය ජනපති වෙත ඉල්ලීම් හතරක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.

මේ බව ද්‍රවිඩ සන්ධාන ප්‍රකාශක එම්. කේ. සුමන්තිරන් මහතා විසින් හෙළිකර තිබේ. 

එම ඉල්ලීම් මෙසේය.

පෙඩරල් ක්‍රමයක් යටතේ ස්වයං පාලනය ලබාදීම, ආරක්‍ෂක හමුදාව උතුරු නැගෙනහිර අත්පත් කරගෙන ඇති පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, උපරිම ලෙස බලය බෙදාහැරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.

ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය මෙම ඉල්ලීම්වලට එකඟවී ඇත.

රජය සහ ද්‍රවිඩ සන්ධානය අතර මෙම සාකච්ඡා ආරම්භ වීමට පෙර තමිල්නාඩුවේ සිට බෝට්ටුවකින් ද්‍රවිඩ බුද්ධි ක්‍රියාකාරීන් දෙදෙනකු උතුරට පැමිණි අතර ඔවුන් තමා හමුවී කරුණු විමසූ බව ප්ලෝට් ජාත්‍යන්තර කාර්යාලයේ ප්‍රධානි රාජන් සිවරාජන් මහතා යාපනයේ සිට පැවසූ බව දිවයින ඉරිදා පුවත්පතට ප්‍රවෘතිය සැපයූ ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතා සඳහන්කර ඇත.

ද්‍රවිඩ සන්ධානය රජයට ඉදිරිපත් කර ඇති ස්වයංපාලන ඉල්ලීම යනු ඊළම බවත් එයට ප්ලොට් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් විරුද්ධ බවත් හෙතෙම පළ කර තිබේ.

බුද්ධි ක්‍රියාකාරීන් දෙදෙනා උතුරට පැමිණියේ අයියවනන් කෝවිල වන්දනාමාන කිරීමට බව මාහට පැවසුවා. 

නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණියේ ඉරිදා පැවැත්වෙන සාකච්ඡාව ගැන විමර්ශනය කිරීමට යැයි සිවරාජන් කීවේ යැයි එහි සඳහන් වේ.

මේ අතර අද රජය සමග පවත්වන සාකච්ඡාවේදී ඉදිරිපත් කළ යුතු කරුණු ගැන ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද එහි දැක්වේ.

Trending

Exit mobile version