Connect with us

පුවත්

ජනරාල් කමල් චමුදිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

Published

on

සමාජ මාධ්‍ය මගින් අපහාස කළැයි රුපියල් මිලියන පන්සියක් බැගින් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යූ ටියුබ් නාළිකා හිමිකරුවකු සහ වෙබ් අඩවි ප්‍රධානියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.

ඒ අනුව,  අසේල ධර්මසිරි නමැත්තකු යූ ටියුබ් නාළිකාවක් මගින් හා මුහුණු පොතේ ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කිරීම හේතුවෙන් තමාගේ කීර්තිනාමයට හානි කළ බව සඳහන් කරමින් අසේල ධර්මසිරිගෙන් රුපියල් මිලියන පන්සීයක් ඉල්ලා නඩු පවරා තිබේ.

එම අපහාසාත්මක කරුණු යූ ටියුබ් නාළිකාවක පළ කළැයි එහි හිමිකරුට සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ. 

රාවණා ලංකා නිව්ස් වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක යන අයට සිය වෙබ් අඩවිය මගින් ආරක්ෂක ලේකම්වරයාට අපහාස කළැයි කියමින් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved