පුවත්

ජනවාරි 01දා සිට බදුල්ල ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් වෙයි

Published

on

ලබන වසරේ (2024) ජනවාරි 01දා සිට බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස නම් කෙරෙන බව එහි දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසා ඇත.

ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින සියලු රාජ්‍ය ආයතන මඟින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවා ලබාදීමට හැකියාව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියි.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිංහල දමිළ හා මුස්ලිම් ජාතිකයන් ඇතුළු විවිධ ප්‍රජාවන් වාසය කරන අතර ඔවුන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් භාවිතා කරනු ලබයි.

තමන් භාවිතා කරන භාෂාවෙන් සේවාවන් ලබාගැනීමේ හිමිකම සෑම පුරවැසියකුටම පවතින අතර මේ වන විටත් එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 11ක්ම ද්විභාෂා කොට්ඨාස ලෙස කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඌව පළාත් සභාව යටතේ ඇති සියළු ආයතන, බදුල්ල ශික්ෂණ රෝහල, පොලිසිය හා ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇතුළු ආයතනයන් හි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version