2023 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and Departure Card) මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ https://eservices.immigration.gov.lk/emb/eEmbarkation වෙබ් පිටුව ඔස්සේ තමා ගුවන් ගතවීමට නියමිත දිනට දින තුනකට පෙර සිට මෙම කාඩ්පත පිරවීමට පහසුකම් සපයා ඇත.
ගුවන්තොටුපලේදී ඇතිවන අපහසුතාවයන් මඟහරවා ගෙන ආගමන හෝ විගමන කටයුතු පහසුවෙන් සිදුකිරීමට මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසන බව එහි වැඩිදුරටත් දැක්වේ.