පුවත්

ජනාධිපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

Published

on

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් අද (26) දින  අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොණු කරන ලදී.

එම සංගමය විසින් අදාල පැමිණිල්ල අද (26) පස්වරුවේ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට  ලිඛිතව ඉදිරිපත් කලේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර ඇති පොදු දේපල අයථා ලෙස භාවිතයට ගැනීමට එරෙහිව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ආචාර්‍ය කනපතිපිල්ලේ මහේසාන්, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න යන අයට විරුද්ධව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාව වෙත අදාළ පැමිණිල්ල ගොණුකර ඇත.

මෙහි දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, 

මාර්තු 10 දින කුලියාපිටියේ එජාපය විසින් පැවැත්වූ රැලිය සදහා ජාතික තරුණ සේවා සභාවට අයත් අංක NA 9099, NB 1389, NB 3384, NB 3383 දරණ වාහන අයථා ලෙස යොදාගෙන තිබුන බවය.

තව දුරටත් ඔහු සදහන් කලේ,

මහරගම ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමක්ද මෙම ” සැබෑව ” නමින් පවත්වන ලද දේශපාලන රැලියේ සංස්කෘතික අංගයක් ලෙස යොදාගෙන ඇති අතර මේ වන තුරුත් ඊට අදාල මුදල් ගෙවා නැති බවකි.

Trending

Exit mobile version