Connect with us

පුවත්

ජනාධිපතිලා රජවරු නොවෙයි ; දිනේෂ්ගේ කතාවට දේශබන්දු වැඩ කළ‍ොත් හිරේ 

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ  ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රශ්න කිරීමට නොහැකි බවට දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මහතා කියයි.

අද කොළඹදී විශ‍ේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්නෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, එනිසා ඉන් ලබාදෙන තීන්දු පාර්ලිමේන්තුවේ කතාවකින් බල රහිත කළ නොහැකි බවත්, ඒ අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාසි කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් මහතා අවධාරණය කරයි.

එසේම, මේ ආණ්ඩුවම ගෙනා තීතියක් ඇති බවත්, එයට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම්වලින් දඩුවම් කළ හැකි බවද ඔහු පෙන්වාදෙයි.

මේ රටේ ජනාධිපතිවරු යනු රජවරුන් නොවන බවත්, ජනපතිවරයකුට තමුන් කැමැති අත්තනෝමතික තීන්දු ගැනීමට නොහැකි බවත්, අදාළ තත්ත්වය නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්  ජනාධිපතිවරයාගේ තීරණ, තීන්දු හා ක්‍රියා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණය බලයට යටත්වන බව එහි දක්වා ඇතියි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, එනිසා ඉන් ලබාදෙන තීන්දු පාර්ලිමේන්තුවේ කතාවකින් බල රහිත කළ නොහැකි බවත්, ඒ අනුව පොලිස්පතිවරයාට ලබාදී ඇති නියෝගය නොතකා ඔහු පොලිස්පති ධූරයේ වැඩ කළ හොත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාසි කිරීම යටතේ නඩු පැවරිය හැකි බවද පීරිස් මහතා අවධාරණය කරයි.

එසේම, මේ ආණ්ඩුවම ගෙනා තීතියක් ඇති බවත්, එයට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම්වලින් දඩුවම් කළ හැකි බවද ඔහු කීය.

මේ රටේ ජනාධිපතිවරු යනු රජවරුන් නොවන බවත්,ජනපතිවරයකුට තමුන් කැමැති අත්තනෝමතික තීන්දු ගැනීමට නොහැකි බවත්, අදාළ තත්ත්වය නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ තීරණ, තීන්දු හා ක්‍රියා අධිකරණයේ මූලික අයිතිවාසිකම් යටතට යටත්වන බවද ඔහු කියා සිටී.

(වීඩියෝ : VoiceTube)

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved