පුවත්

ජනාධිපතිවරණයට එන පොහොට්ටුවේ අපේක්ෂකයා?

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි

අද (29) රැස්වූ විධායක මණ්ඩල රැස්වීමේ දී අදාළ තීරණය ගත් බව මහලේකම්වරයා කියා සිටියේය.

එහි දී කිහිප දෙනෙකු මීට විරුද්ධ වූ බව සඳහන්ය.

කෙසේ වෙතත් බහුතර මන්ත්‍රී පිරිසක් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළ බව ද සාගර කාරියවසම් මහතා කියා සිටියේය.

මෙම තීරණයට පිටුපාමින් කටයුතු කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද එහි දී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ වනතුරු ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත.

Trending

Exit mobile version