පුවත්

ජනාධිපතිවරණයේදී ලොහාන්ගේ සහය රනිල්ට

Published

on

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිශ්චිත වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඔහු පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු වෙනුවෙන් කෙලින්ම සහාය ලබා දෙමින් ජයග්‍රහණය කරවීමටද කටයුතු කරන බවය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ‘උරුමය’ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොහාන් රත්වත්තේ මහතා,

“අගාධයට වැටී තිබූ රටට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ නිවැරදි ලෙස රට පාලනය කරමින් සිටිනවා. අද රටේ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා. සමාජ මාධ්‍ය තුළද අපේක්ෂකයන් ඕන තරම් සිටිනවා. ඔය කවුරු සිටියත් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන තවත් අවුරුදු පහක් ඉදිරියට යා යුතුයි. එබැවින් මේ වෙලාවේ අප සියලුදෙනා රට ගැන සිතා වැඩ කළ යුතුයි. එසේ නොමැති වුවහොත් යළිත් රට අගාධයට ඇද වැටෙනවා.”

Trending

Exit mobile version