පුවත්

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතුවලට මිලියන 800ක්

Published

on

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ , ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවද ඇය ප්‍රකාශ කළා ය.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණයකදී රාජ්‍ය නිලධාරින් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇතැයිද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා ය. 

Trending

Exit mobile version