Connect with us

පුවත්

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ

Published

on

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත  2024 වර්ෂයේ  අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත්  කරමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක ඉහළම දක්ෂතා පෙන්වන ලද ශිෂ්‍යත්වලාභීන් 110කට අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

මේ යටතේ ශිෂ්‍යත්වලාභියෙකු අ.පො.ස (උ.පෙළ) අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් වසර දෙකක කාලයක් පුරා මසකට රු. 5,000.00 බැගින් ශිෂ්‍යාධාරය හිමි වන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 360 කි.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට සමගාමීව ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික කඩදාසි සංස්ථාවේ අනුග්‍රහයෙන් පාසල් බෑග්, පොත් කට්ටල, කුඩ, ඔරලෝසු සහ රුපියල්  පන්දහසක් වටිනා තිළිණ පතක් ද ශිෂ්‍යත්වලාභීන් වෙත  පිරිනැමිණ.

එම අවස්ථාව සඳහා  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති  ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඉතිරි ශිෂ්‍යත්වලාභීන් වෙත ඉදිරි සති දෙක ඇතුළත ශිෂ්‍යත්ව  තිළිණපත් හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට කටයුතු සලසා තිබේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved