Connect with us

පුවත්

“ජනාධිපති අරමුදලේ සල්ලි අපේ පවුලේ කවුරුවත් අරන් නැහැ”

Published

on

සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ තම පවුලේ අයෙකුට ජනාධිපති අරමුදල ලබාදී නොමැති බවත් කිසිදු අයෙකු එම අරමුදල ලබා නොගන්නා බවයි. මේ අතර නාම යෝජනා ලබා දීමේදී නියෝජනය කළ පක්ෂය වෙනුවට අපේක්ෂකයන් රැසක් මේ වනවිට පක්ෂ මාරු කර සිටින බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීම හොඳ බවත් ඒ මහතා සඳහන් කලේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය යටතේ නාම යෝජනා ලබාදුන් බොහෝ දෙනෙකු ද මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් ඔවුන්ට පවතින නාම යෝජනා යටතේ පළාත් පාලන මැතිවරණයට යොමුවීම ගැටලුවක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“කුමන්ත්‍රණයක් මගින් 2022දී පො.ජ.පෙ. ආණ්ඩුව වැට්ටුවා. ඒ වට්ටපු වෙලාවේ ආර්ථිකය කඩා වැටෙන තැනට විදේශීය හා දේශීය බලවේග අපේ රට හැසිරෙව්වා. ඒ අවස්ථාවේ රනිල්ව අපි පත්කර ගත්තා. රනිල්ගේ වැඩපිළවෙළ අඩුවක් නැතුව ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව  කරගෙන යනවා. අමාත්‍යවරයෙක් හෝ දේශපාලන සබඳතාවක් තිබෙන කෙනකුට ජනාධිපති අරමුදලෙන් මුදල් වියදම් කරනවා කියනවා වගේම‍ මෙතෙක් කල් ජනපති අරමුදලින් උදව් කළ අනෙක් අයගේ නම්ද හෙළිකළ යුතුයි. ඒ අනුව අපිට බලන්න පුළුවන් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙලා තිබෙන කාරණය මොකක්ද කියලා. එසේ නොමැතිව අපිට එකපාරටම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැහැ. සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතුයි. එසේ නොමැතිව පුද්ගල නම් කිහිපයකට ලඝු කරලා මුළු අරමුදලේම භාවිතය ඒ හා සමාන යයි කීම වැරැදියි. අපේ පවුලේ කාටවත් මේක දීලා නැහැ. අපි ගන්නෙත් නැහැ.

මේ අවස්ථාවේ එක් එක් පක්ෂ එක් එක් පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒක හොඳ දෙයක්. අපි ප්‍රාදේශීය සභා මැතිවරණයට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පොහොට්ටුව ලකුණින් අපි සියලු ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් වෙනවා. පළාත් සභා මැතිවරණයට තරග කරන්නත් අපි  අපේක්ෂා කරන්නේ ඒ විදිහටයි. නාම යෝජනා නැවත කැඳවීමට එකඟයි. පක්ෂ නායක රැස්වීමේදී අපිත් ඒ යෝජනාව ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ බොහෝ අපේක්‍ෂකයෝ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා. අනෙක් පක්ෂවලින් නාම යෝජනා දිපූ ගොඩක් අය පක්ෂ මාරු කරලා තියෙනවා.”

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved