පුවත්

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් සජිත්ට සහය දෙයි

Published

on

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු‌ ලෙස නාමයෝජනා භාර දුන් මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් වී තිබේ.

තංගල්ල නගරයේ පැවැති ජන රැළියට ඔහු සහභාගී වූ බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රේමසිරි මානගේ මහතා මහතා දීර්ඝ කාලයක් කටයුතු කළේ, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙසිනි.

ඔහු එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් වූ බව සඳහන්ය.

Trending

Exit mobile version