පරිසර හිතකාමී ක්‍රියාකාරීන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ පරිසරය සුරැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, ආයතන, සංවිධාන සහ පාසල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේ සඳහා අයදුම් කළ හැකිය
මේ සඳහා සියලුම තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk යන වෙබ් අඩවියෙන්ද, දුරකථන අංක 0112 872 278 මඟින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්‍යාල මඟින් ලබාගත හැකිය.
පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2025 අප්‍රේල් 30 වනදාට පෙර අයදුම් කරන ලෙසය.