පුවත්

ජපන් මුදල් ඇමති අනිද්දා මෙරටට

Published

on

ජපානයේ මුදල් අමාත්‍ය – සුසුකි ෂුන්ඉචි මහතා අනිද්දා (ජනවාරි 11) මෙරටට පැමිණීමට නියමිතය.

ජනවාරි 11 – 12 දක්වා මෙරට නිල සංචාරයක නිරත සංචාරයක නිරත වන එම මහතා, සිය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ජනාධිපතති රනිල් වික්‍රමසිංහ මහතාව හා විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්‍රි මහතාව හමුවීමට නියමික බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

තවද, සුසුකි මහතා ඇතුළු ජපන් ධූත පිරිස, පාර්ලිමේන්තු සංකීර්ණය, ජයවර්ධන කේන්ද්‍රය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය වෙතද  යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version