ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණ ඇති බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ,
බංගලාදේශය ,වියට්නාමය වැනි රටවල ආයෝජනය කළ ආයෝජකයින් නැවත ලංකාවට පැමිණීම ආරම්භ කර තිබෙන බවත් මේ වසරේ මුල් කාර්තුවේ පමණක් ඇමරිකා ඩොලර් බිලියන 1.1 ක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවත් මාර්තු මාසයේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 438 ක් උපයාගෙන තිබෙන බවය.