පුවත්

ජපානයේ රිය අනතුරකින් ලංකාවේ තරුණයෝ 2ක් මරුට!

Published

on

ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ

මිතුරන් දෙදෙනකු වන මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ සහ හලාවත ප්‍රදේශයේ පදිංචි රජිත ලක්මාල් සඳරුවන් යන තරුණයන් දෙදෙනාය.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් ආධාර මුදල් එකතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version