ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල අද (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබුණි.
ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදුකිරීමට නියමිතය.
(නිවුස්රේඩියෝ)