පුවත්

ජයශංකර් ඇමතිලා කිහිපදෙනෙක්ම හමුවෙයි!

Published

on

විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අනෙක් අමාත්‍යවරුන් සමඟ ඊයේ (19) සන්ධ්‍යාවේදී කොළඹදී සාර්ථක හමුවක් සිදුවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ට්විටර් පනිවුඩයක් නිකුත්කරමින් කියා සිටී.

 එම හමුවන්වලදී යටිතල පහසුකම්, සම්බන්ධකතාවය, බලශක්තිය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවය සාකච්ඡා කරන කළ බවද ඔහු හෙළිකර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවාහ ඉහළ නැංවීමට ඉන්දීය කැපවීම එහිදී අවධාරණය කර තිබේ.

අද ශ්‍රී ලාංකීය නායකයන් සමඟ ඔහු සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version