Connect with us

පුවත්

ජලභීතිකා මරණ ඉහළට

Published

on

ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුවත්කම මෙන්ම සුනඛයන් නොවන සතුන්ගේ සපා කෑම් මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බව එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පැවසීය.

සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (20) පැවති ප්‍රවාත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නිලධාරී හේෂාන් ගුරුගේ මහතා මෙම අදහස් පළ කළේය.

වෛද්‍ය නිලධාරී හේෂාන් ගුරුගේ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.

”පසුගිය වසර කිහිපය තුළ සිදු වුණ මානව මරණ අධ්‍යයනය කරද්දි සුනඛයෝ නොවන සතුන් ගෙන් පවා පොඩි වැඩි වීමක් පේනවා ජලභීතිකාවට ගොදුරු වුණ පුද්ගලයන්ගේ. සමහර අවස්ථාවල එම සතා මොකෙක් ද කියලා වත් දැනගන්න බැරි අවස්ථා තියනවා. මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් කිහිප දෙනෙක් ම මහා මාර්ග අසල ගොඩනැඟිලි අසල නිදාගෙන ඉඳලා උදේට නැඟිටලා බලනකොට මොකෙක් හරි සතෙක් කාලා, හපලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලො ගණං ගන්නෙ නෑ. ඒ පුද්ගලයන්ට ටික දවසක් යනකොට ජලභීතිකාව රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ වගේ සිද්ධි කිහිපයක්ම පසුගිය වසර දෙක තුනකම අපට වාර්තා වුණා. ඕනෑම සතෙකුගේ සපා කෑමක්, හීරීමක දී නිසි ප්‍රථමාධාරයක් සිද්ධ කරන්න ඕනේ. සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සෝදන්න. ගෙදර තියනවා නම් ස්පිරිට් හරි, බෙටඩීන් වගේ අයඩීන් ද්‍රාවනයක් සර්ජිකල් ස්පිරිට්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ එවැනි විෂබීජ නාශක දියරයක් තියනවා නම් ඒක ගල්වන්න පුළුවන්. ඊට පස්සෙ රෝහලකට යන්න. මේ දේ කළොත් හැමදෙනාම ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන්.”

අලුතින් හදන්න ගන්නා බල්ලන්, පූසන් දින 14ක් යනතුරු සමීපයට ගන්න එපා
එමෙන්ම ගතවූ වසරේ මේ දක්වා කාලය තුළ ජලභීතිකා රෝගය වැලඳී පුද්ගලයන් දොළොස් දෙනකු මියගොස් ඇති බව මෙහිදී අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේය.

මින් රෝගින් අටදෙනකුම මියගොස් ඇත්තේ නිවෙස්වල සුරතලයට ඇතිකරනු ලබන සුනඛයන් සපා කෑමෙන් බව හෙතෙම සඳහන් කළේය.

තවද සියලු ක්ෂිරපායී සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැලඳීමේ අවදානමක් ඇති බවද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම වසරකට ජලභීතිකාව සෑදී පුද්ගලයන් විසිපහක් තිහක් අතර පිරිසක් මියයන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන අංශය සඳහන් කර තිබේ.

පසුගිය කොවිඩ් සමයේ සුනඛයන්ගේ වන්ද්‍යකරණ කටයුතු සිදුකිරීම අඩාළ වුවද මේ වනවිට එම කටයුතු සිදුකරනු ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතල් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සුනඛයකු නිවසෙහි ඇති කිරීමට ගන්නේ නම් සති හතරක කාලයක් ගතවීමට පෙර ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කළ යුතුය.

සුනඛයකු සපා කෑවිට විනාඩි දහයක කාලයක් සබන් දා එම ස්ථානය සෝදා පිරිසුදු කළ යුතු අතර ඉන් පසු කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බව වෛද්‍යවරු අවධාරණය කර සිටිති.

එසේම පසුගිය වසර දහයක කාලය තුළදී ජලභීතිකාව සෑදී මිය ගිය සියලු පුද්ගලයන්ගෙන් 100% මියගොස් ඇත්තේ ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුනි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved