පුවත්

ජලාශ 54ක් තවමත් වාන් දානවා

Published

on

මල්වතු ඔය සහ යාන්ඔය තවමත් ගංවතුර තත්ත්වයේ පසුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව එහි ජල විද්‍යා අංශයේ ඉංජිනේරු සකුරා දිල්තරා මහත්මිය පැවසුවාය.

අනුරාධපුර යාන්ඔය සුළු ගංවතුර තත්ත්වයේ තිබෙන බවත්, මේ වනවිට දිවයිනපුරා මහා වාරි ජලාශ 73 න් 54 ක් වාන්දමමින් ඇතැයිද ඇය කීවාය.

ඇය සඳහන් කළේ, මධ්‍ය පරිමානයේ ජලාශ 95%ක්ම මේ වනවිට වාන්දමමින් පවතින බවයි.

මේ අතර, අම්පාර සේනානායක සමුද්‍රය වාන් දොරටු සියල්ල විවෘත කර තිබීම හේතුවෙන් ගල්ඔය ආශ්‍රිතව තිබූ ගංවතුර අවදානම තවමත් පවතින බව ඇය පවසයි.

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඌව පළාතෙත් අම්පාර,මඩකලපුව, මාතලේ , නුවරඑළිය,හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනු ඇති.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි.

දකුණු හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තද වැසි ඇති වන බව සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණූ මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Trending

Exit mobile version