පුවත්

ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක් ගැන විගණනය හෙළිකරයි

Published

on

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා වැයකළ රුපියල් 5,938,746ක නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ජල ව්‍යාපෘති 2013 වර්ෂයේ දි ආරම්භකොට ඇති අතර, අඹන්පොල ජල ව්‍යාපෘතියේ ඉතිරිවැඩ නිම කිරිම සදහා 2020 වර්ෂයේ දි රුපියල් 1,979,418ක මුදලක් වැයකොට තිබේ.

කටුපොත යුනිට් 03 ජලයෝජනා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිමකිරිම සදහා වැයකොට ඇති මුදල 3,959,328 කි.

නමුත් විගණන වාර්තාවේ සදහන් පරිදි ජල මුලාශ්‍රයේ සිට ටැංකිය දක්වා ජලනල එලීම සම්පුර්ණ කර නොතිබිම, ජල ටැංකියේ සිට පාරිභෝගිකයින් දක්වා ජලය ගෙනයාම සදහා නල පද්ධතියක් සකස්කර නොතිබිම, විදුලිය ලබා නොගැනිම යන කරුණු හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබේ.

ව්‍යාපෘති ඵලදයි ලෙස අරමුණ ඉටුවන ආකාරයට හා අපේක්ෂිත ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට ක්‍රියාත්මක කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට තිබේ.

Trending

Exit mobile version