Connect with us

පුවත්

ජල සැපයුම බිඳ වැටෙන ලකුණු

Published

on

මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවය.

මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍ය වශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමඟින් බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා පෙර සූදානමකින් සිටින ලෙසද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති වුවද ජල නිෂ්පාදනයෙහි අඩුවීමක් සිදු වී නොමැති අතර සාමාන්‍ය තත්ත්වයෙන් 102 පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකරන බව ද එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ගංඟා ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර ඇති බව මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වුවත්, මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කැපවීමෙන් කටයුතු කරන බව ද තවදුරටත් තහවුරු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

පුවත්

නව මන්ත්‍රීවරයෙක් අද දිවුරුම් දෙයි

Published

on

By

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කෙරුණි.

සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව රැස්වේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය ලෙස අද (08) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද (08) පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

Continue Reading

පුවත්

12ක් රෝහලට යැවූ අනතුර

Published

on

By

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම  ආසන්නයේදි  මාර්ගය අයිනේ නවතා තිබු කන්ටෙනර් රථයක පිටුපස ගැටිමෙන් අද(08) උදැසන සිදුවු අනතුරෙන් වැන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙම වැන් රථයේ ගමන් කල පිරිස කටුනායක ගුවන්තොටුපලට ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර  මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි.

අනතුරෙන් තුවාල ලැබු තුවාල කරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ

රියදුරුට නින්ද යැමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරනු ලබන අතර අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved