Connect with us

පුවත්

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

Published

on

ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ජයතිලක මහත්මිය සැලකෙන්නේ මෙරට ශ්‍රව්‍ය මාධ්‍යයේ රන් සලකුණක් ලෙස සැලකෙන ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසයි .

වර්ෂ 1963 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්‍රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද ඇයයි.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි.

ඇය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වූවාය.

සුමනා ජයතිලකයන් යනු ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මව් රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියකි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved