පුවත්

ජාඇල පොලිස් ජීප් එකේ කුණුහරුප ලියූ අය සොයා පරීක්ෂණයක්

Published

on

ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම ජිප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජිප් රථය  සෝදා පිරිසිදු කිරීම සදහා ඊයේ  (27) පොලිස් ගරාජයේ නවතා ගොස් පසුව  පැමිණ බැලීමේ   එහි දොරවල් වල, බොනට්ටුවේ,දොරවල් වල  මෙම අසභය වැකි ලියා ඇති අයුරු දැක් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජිප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව සුරා අලාභහානි සිදුකර ඇත.

මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුලු නොවන එම ආරංචි මාර්ග පවසයි.

මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Trending

Exit mobile version