Connect with us

පුවත්

ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට සරුංගල් යවන්න බෑ

Published

on

ශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝ මීටර් 05 ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාව තුළ කටුනායක, රත්මලාන, මත්තල, යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වෙමින් පවතී.

එනිසා මෙම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ මෙවැනි සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම තුලින් ගුවන් යානා වලට බලපෑම් ඇති වී ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සහ දේපොළ අවදානමකට ලක් විය හැකි බැව් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම නිවේදනය මගින් පෙන්වා දී තිබේ .

මෙම දැනුවත් කිරීමට එරෙහිව මෙම ප්‍රදේශ තුළ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව පවතින නීති රාමුව තුළ නීතිමය පියවර ගන්නා  බව ද ගුවන් තොටුපොළ සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී .

එහෙත් ශ්‍රී ලංකාවේ මෙම අගෝස්තු මාසය , කුඩා ළමුන් සරුංගල් යැවීම සදහා භාවිතා කරන කාළය වී තිබේ.

(අද)

පුවත්

Online ටිකට් වංචාව ගැන CIDයෙන් අධිකරණයට දැනුම්දීමක්

Published

on

By

දුම්රිය දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්ගේ හා නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 18 වන දා කැඳවන ලෙසත් එදින විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැර සිටින සැකකරුවන් සිව්දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඉන්දීය අගමැති මෝදි වෙත ජනපතිගෙන් X සටහනක්, හිටපු ජනපති රනිල්ගෙන් ලිපියක්

Published

on

By

ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.

ප්‍රහාරය හෙළාදකිමින් හා විපතට පත්වුවන්ට ශෝකය පළ කරමින් ජනාධීපතිවරයා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබේ.

එම සටහන,

මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්මීරයේ පහල්ගම්හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබිමේ සිදුවීම තමන් විසින් දැඩිව හෙලා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

විපතට පත් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පලකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීම ද හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපිය,

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved