Connect with us

පුවත්

ජාත්‍යන්තර තරුණ දිනය අදයි

Published

on

ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ.

ලෝකය පුරා වෙසෙන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග අවබෝධ කර ගනිමින් සමාජය සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය සනිටුහන් කිරීම සඳහා තමයි මෙය දිනයක් ලෙස සැමරීම සිදුවේ.

සෑම ජාතියකම තරුණයින් මුහුණ දෙන සමාජ-ආර්ථික හා සමාජ-දේශපාලන ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා විවිධ දැනුවත් කිරීම්, ප්‍රජාසහභාගීත්ව වැඩසටහන් අද දිනය පුරා සිදු කෙරේ.

අගෝස්තු 12 වාර්ෂික ජාත්‍යන්තර තරුණ දිනය ලෙසින් 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කල අතර එය 1999 දෙසැම්බර් 17 වැනි දින ලිස්බන් නුවර තරුණයන් සඳහා වගකිව යුතු අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කරන ලද යෝජනාවක් මත පදනම් විය.

ප්‍රථම වරට සමරනු ලැබුවේ 2000 අගෝස්තු 12 වන දින වන අතර, එතැන් සිට අද දක්වාම ජාත්‍යන්තර තරුණ දිනය සැමරේ.

2024 දී, තෝරාගත් තේමාව වන්නේ ‘ක්ලික් කිරීමේ සිට ප්‍රගතිය දක්වා – තිරසාර සංවර්ධනය සඳහා තරුණ ඩිජිටල් මාර්ග’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මෙම තේමාව මගින් “ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම සඳකා තරුණ තරුණියන්ගේ තීරණාත්මක දායකත්වය” අවධාරණය කෙරේ.

දැනට අපගේ ලෝකයේ ජීවත්වන පුද්ගලයින්ගෙන් අඩක් වයස අවුරුදු 30 හෝ ඊට අඩු අය වන අතර මෙය 2030 අවසන් වන විට 57% දක්වා ළඟා වනු ඇති බව සඳහන්ය.ඉන් 67% ක් දෙනා යහපත් අනාගතයක් ගැන විශ්වාස කරන අතර එම පිරිසෙන් වැඩි කොටසක් අවුරුදු 15 සිට 17 දක්වා ළමුන්ය.

මේ අතර, ලෝක තරුණ දිනය පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා භූ කම්පන මාරුවක් අවශ්‍ය බවත් එය සිදු විය හැක්කේ තරුණයින් සවිබල ගැන්වීම සහ ඔවුන් සමඟ සමාන ලෙස වැඩ කළහොත් පමණක් බවය.

පුවත්

බිත්තර මිල දැනගන්න අලුත් ක්‍රමයක්

Published

on

By

පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන පරිදි ලබන සඳුදා (23) සිට බිත්තර මිල තීරණය කර එය දැනුම්දීමට සිය සංගමය කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසයි.

ඒ අනුව තීරණය කෙරෙන බිත්තර මිල සතියේ සෑම දිනකම පෙරවරු 5.00 ට සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට, බේකරි හිමියන්ට, බිත්තර යොදාගෙන විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා හිමියන්ට, හෝටල් හිමියන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් නිකුත් කරන බව ඒ මහතා සඳහන් කලේය.

070-7030700 යන දුරකථන අංකය ඔස්සේ බිත්තර තොග මිල, සිල්ලර මිල, අතරමැදියා මිලදී ගන්නා මිල නිකුත් කෙරෙනු ඇත.

පසුගිය කාලයේදී ඇතැමුන් රුපියල් 15 ත් 18 ත් අතර අඩු මිලකට බිත්තර මිලදී ගෙන තොග රැස්කළ බවත්, එවැනි කටයුතුවලට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් බිත්තර සංගම් පිහිටුවාගෙන තිබුණත් ඔවුනට ගොවිපොළක් හෝ නොමැති බවද, ඔවුන්ට බිත්තර නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 28 ක මුදලක්ද, මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 29 ත් 30 ත් අතර මුදලක්ද, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 32 ක මුදලක්ද වැය වන බවද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

ගතවූ මාස 06ට රිය අනතුරුවලින් 2000කට ආසන්න පිරිසක් මරුට

Published

on

By

2025 වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

2025 ජනවාරි 01 සිට ජුනි 15 දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 1,133 ක් වාර්තා වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල  ලබා ඇති බව ඔහු පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසූවේ නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙම මාර්ග අනතුරු සිදුවන බවය.

Continue Reading

පුවත්

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

Published

on

By

වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා  පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවය.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා. මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

ඉරාන ඊශ්‍රාරායල් යුද්ධය මෙරටට භාණ්ඩ ආනයනයේදී බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ, රට තුළට භාණ්ඩ ආනයනය කරන නෞකා මෙතෙක් ප්‍රමාද වන බව දැනුම්දී නොමැති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved