Connect with us

පුවත්

ජාත්‍යන්තර පාසලක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

Published

on

සිසුවියක් නෙළුම් කුළුණෙන් පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර පාසල   ( Colombo International School)   වෙත ගොස් සොයා බලා කරුණු වාර්තා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙක් සහ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අයත් බව සඳහන්ය.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසා ඇත්තේ, මෙම නිලධාරීන් අදාළ සිසුවිට ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර පාසල වෙත ගොස් සිදුවීම පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කිරීමට නියමිත බවය.

ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් තමන් යටතේ පාලනය වීමක් හෝ නියාමනය වීමක් නොවන බවත්,  ඒවා සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබීම හේතුවෙන් අදාළ ජාත්‍යන්තර පාසල සහ සිසුවිය මිය යෑමේ සිද්ධිය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට තමන්ට බලයක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් එම සමාගම පවසා ඇත්තේ, සියලුම නරඹන්නන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සහතික කිරීම සඳහා පොලිසිය ඇතුළු බලධාරීන් සමග පූර්ණ සහ යෝගයෙන් කටයුතු කරන බවය.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/දුව-ගිය-ජාත්යන්තර-පාසලේ/

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved