පුවත්

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට

Published

on

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති වන මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ලෝකයේ විශාලතම හා වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානයක් ලෙස මෙය හඳුන්වනු ලබයි.

තවද ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170ක් නියෝජනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය හා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යන සංවිධාන නියෝජනය කරන එකම වාණිජ මණ්ඩලයද මෙය වේ.

දිවයිනට පැමිණි මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

Trending

Exit mobile version