බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (10) පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමිනි.
ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ මෙලෙස නීත්‍යානුකූලව පියවර ගන්නා බව ඔහු පැවසීය.
මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද දිනයේ සභාවේ එකඟතාව පළවිය.
පාර්ලිමේන්තුව මැයි මස 08දා යළි රැස්වීමට නියමිතය.