පුවත්

ජාතික ආරක්ෂාව ගැන වැරදි ප්‍රකාශයක් කළ කථිකාචාර්යවරයෙකුට වැඩ වරදී

Published

on

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පුන්සර අමරසිංහ යන අයට එරෙහි නඩුවේ අවසන් වාර්තාව ලබන දෙසැම්බර් 14 වනදා ගොණු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි පුන්සර අමරසිංහ යන අයට චෝදනා එල්ල වී ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් 04 දෙනෙකු ත්‍රස්තවාදීන් බවට පාස්කු ප්‍රහාර වාර්තාවේ ඇතැයි ප්‍රකාශ සිදු කර ඇති බව චෝදනාවල දැක්වේ.

මහජනයා බියගන්වන සුලු ආකාරයේ ප්‍රකාශ සිදු කළ බවට සැකකාර කථිකාචාර්යවරයාට චෝදනා එල්ල වී තිබේ.

විරෝධතා දැක්වීමේ හැගීම් අවුස්සමින් හෝ ඇවිස්සීමට තැත් කිරීම ද ඔහුට එරෙහි චෝදනාය.

Trending

Exit mobile version