Connect with us

පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මහ පුටුව ආනන්දට

Published

on

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එහි සභාපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් මේවන විට විර‌ෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ආනන්ද මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය වූ අවස්ථාවේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලසෙ සිටීම නිසා ඔහුට මේ තනතුර ලබාදීම සම්බන්ධයෙන් මේවන විට විරෝධතා මතුව ඇති බවද මේ අතර වාර්තා වේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු එම පත්කිරීම අද (31) සිදුකර ඇත.

‌කෙසේවුවද, ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතාවලට ප්‍රධානතම හේතුව වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (29) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේද එහිදී පැවසීය.

” ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළි වෙන පළමු වැනි තැන තමයි මේ දත්ත මකපු තැන. රජයේ අවධානය යොමු වෙලා තියෙනවාලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අයින් කරන්න. සභාපති ඉවත් කරන්න. ඒ ගොල්ලන් ව අයින් කරලා දත්ත සොරකම සම්බන්ධයෙන් ඒ කාලයේ වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් මේකේ බලයට පත්කිරීමට. එකත් කුමන්ත්‍රණයක්. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ආය එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න.”

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වූ අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved