පුවත්

ජාතික කාන්තා කොමිෂම පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Published

on

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට හා ස්ත්‍රී පුරුෂ සමාජභාවි සම සාධාරණත්වය සහ සමානාත්මතාවය සම්බන්ධයෙන් වන ගැටලු වලට මැදිහත්වීමට විෂයභාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුව වෙත අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකිවන පරිදි ජාතික කාන්තා කොමිෂම නමින් ස්වාධීන කොමිෂමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා 2022 සැප්තැම්බර් 05දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එකී පනත් කෙටුම්පත කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.‍

මෙහිදි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් අවශ්‍ය නීතිමය විධි විධාන හඳුන්වා දීම පිලිබඳ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022 සැප්තැම්බර් 05දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබු එකී පනත් කෙටුම්පත කාන්තා, ළමා කටයුතු හා සමාජ සර්ව බල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

Trending

Exit mobile version