පුවත්

ජාතික කොඩිය සහ ආගමික සංකේත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Published

on

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවය.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇත්

තවද ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

“ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා. දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා”

Trending

Exit mobile version