Connect with us

පුවත්

ජාතික ජනබලවේගයේ මැයි රැලිය වෙනුවෙන් බස් රථ 5,500ක් කොළඹට

Published

on

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැලිය සඳහා දිවයින පුරා බස් රථ 5,500ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඒ අනුව, එම බස් රථ මගින්  විශාල පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බව ඔහු සඳහන් කලේය.

එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල් කිරීම සඳහා කාන් වටරවුම, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට, රීගල් සිනමා ශාලාව ඉදිරිපිට, පැරැණි මැනිං මාර්කට් වෙළෙඳපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරැණි එම්.ඕ.ඩී. භූමිය, ගුවන් හමුදාව ඉදිරිපිට ප්‍රදේශය, චිත්තප්පලම් ගාර්ඩිනියා මාවත, කොල්ලුපිටිය හන්දිය, නෙළුම් කුළුණ අසල රථ ගාල් සූදානම් කර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීම සදහා රථවාහන නිලධාරීන් 850 ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 2000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට යොදවන බවය.

පුවත්

සබරගමු සරසවියේ 4ක් අත්අඩංගුවට

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

කළුතර සජබ මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි

Published

on

By

කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරගවදින අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නාගොඩ ගම් සභා පාරේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Continue Reading

පුවත්

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින් මාළු සැකසූ තැනක් වටලයි (ඡායා)

Published

on

By

“McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03)  මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස “McOcean” නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය (SLS 591) හා නිෂ්පාදන ආයතන නාමය වන “McOcean” යන නම ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බව අදාළ වැටලීමේදී අනාවරණය කරගෙන ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලීමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved