පසුගිය දෙසැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ එයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එහි සාමාජිකාවන් පිරිසකට අද (05) වැලිකඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.
මේ කැඳවීම සිදුකර ඇත්තේ උද්ඝෝෂණයෙන් මාස 2කට පසුවවීම විශේෂිතය.
හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි යන අයට මෙසේ වැලිකඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.