සෑම වසරකම නොවැම්බර් මස 03වන දින “ජාතික ජෛව ගෝල රක්ෂිත දිනය” වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇත.
ඒ සෑම වසරකම නොවැම්බර් මස 03 වන දිනය ජෛව ගෝල රක්ෂිත දිනය ලෙස යුනෙස්කෝ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර ජෛව ගෝල රක්ෂිත ආරක්ෂා කිරීම පිළිබඳ දිරිගැන්වීමක් ඇති කිරීමට සිය සංවිධානයේ සාමාජික රටවල් විසින් ජනතාවගේ අවධානය යොමු කිරීම පිණිස පියවර ගත යුතු බව යුනිස්කෝ සංවිධානය පෙන්වා දී ඇත.