පුවත්

ජාතික තරුණ සේවා සභාවට අලුත් සභාපති කෙනෙක් පත් කරයි!

Published

on

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්කර තිබේ.

යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්  ඊට අදාළ පත්වීමේ ලිපිය පසුගියදා පසිඳු ගුණරත්න මහතාට ලබාදී ඇත.

සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මහතා මේවන විට 25 හැවිරිදිවියේ පසුවේ.

ඔහු මේවන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ ද තවත් උපාධියක් හදාරමින් සිටී. 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න, ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. 

ඔහු කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් සිවිල් සහ යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ද, ඩි මොන්ට්ෆෝර්ට් විශ්ව විද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) ප්‍රමාණ සමීක්ෂණ සහ ඉදිකිරීම් පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ද ලබා ඇත.

ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

Trending

Exit mobile version