පුවත්

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට යි

Published

on

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම සිදුවිය

අප්‍රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීමට තේ පැළ මිලියනයක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.

Trending

Exit mobile version