පුවත්

“ජාතික සැපයුම් දාම දිනය” සෑම වසරක ඔක්තෝම්බර් 24දා

Published

on

සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස 24 වන දින “ජාතික සැපයුම් දාම දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අමුද්‍රව්‍ය අවසාන නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සැපයුම් දාම කළමනාකරණය වශයෙන් හඳුන්වයි.

එමගින් පාරිභෝගික වටිනාකම උපරිම කිරීමට සහ වෙළෙඳපොළ තුළ තරගකාරී වාසි ලබාගැනීම සඳහා ව්‍යාපාරයක සැපයුම් අංශයේ ක්‍රියාකාරකම් සක්‍රීයව විධිමත් කිරීමට හැකියාව ලැබේ.

මෙසේ සැපයුම් දාමයන් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දේශීය ව්‍යාපාර හා ව්‍යවසායන් අතර දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණින් ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝග්‍යතාවය සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය මගින් පෙන්වා දී තිබේ.

Trending

Exit mobile version