Connect with us

පුවත්

ජාතික හෙද සමුළුව පැවැත්වූයේ සම්පූර්ණයෙන් නීත්‍යානුකූලවයි

Published

on

පසුගියදා පැවැත්වූ ජාතික හෙද සමුළුව සඳහා නිල ඇඳුමින් හෙද හෙදියන් සහභාගී වීම රජයේ රෙගුලාසි සහ චක්‍රලේඛවලට යටත්ව සම්පූර්ණයෙන් නීත්‍යානුකූළව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදාළ සමුළුව තම පක්ෂයට අනුබද්ධ සමස්ත ලංකා හෙද වෘත්තිය සමිතියේ වාර්ශික සමුළුව බවද, සෑම වර්ෂයකම පැවැත්වෙන එම සමුළුව සඳහා සහභාගී වීමට ඔවුන්ට රාජකාරී නිවාඩුද ලබා දෙන අතර එය ඔවුන් සතු වෘත්තිය සමිති අයිතිවාසිකමක් බවද ඔහු පෙන්වා දෙන්නේය.

පසුගිය වර්ශයේ පැවති මෙම සමුළුවට තමන්ට සහභාගී වීමට නොහැකි වූ බවද, මෙම වර්ශයේදී එම වෘත්තිය සමිතියෙන් ලැබුනු ආරාධනය අනුව තමන් ඊට සහභාගි වූ බවයි ඊයේ (29) රූපවාහිනි වැඩසටහනක් අතරතුර ඔහු සඳහන් කළේය.

එබැවින් එහිදී කිසිඳු ආකාරයක නීති විරෝධී වැඩක් හෝ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සිදු නොවූ බවද, සිදු වූයේ වෘත්තිය සමිතියක පැවති සමුළුවකට තමන් ආරාධිතයෙක් ලෙස සහභාගී වීමක් පමණක් බව ඔහු විසින් අවධාරණය කරන ලදී.

අනෙක් පාර්ශවයන් නිල ඇඳුමින් ඉන්නා පාසල් ළමුන්ට පාසල් කාලය තුළ පාසල් තුළටම ගොස් දේශපාලනය කතා කළද, කිසිවෙකු චෝදනා කර නොසිටි බවද, මේ සඳහා පමණක් ඔවුන් කලබල වී ඇත්තේ මෙම සමුළුව සඳහා විශාල උද්යෝගයකින් හා බලාපොරොත්තුවකින් යුත් විශාල සහභාගීත්වයක් තිබුනු නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

පොල් පොහොර සහනාධාරයක් (වීඩියෝ)

Published

on

By

පොල් පොහොර මෙට්‍රික් ටොන් පනස්හයදහස් හත්සියක තොගයක් අදියර කිහිපයක් යටතේ සහනාධාර ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පොල් කිරි ආනයනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී විස්තර කලේය.

වීඩියෝ – Voice Tube

Continue Reading

පුවත්

ලංකා බැංකු කෙසෙල්වත්ත ශාඛාවේ කෝටි දහයේ වංචාවට තවත් 3ක් අත්අඩංගුවට

Published

on

By

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නිලධාරිනියන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් අතර මාණ්ඩලික සහකාර නිලධාරිනියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනෙකු සිටින බව පැවසේ.

අඩු අගයක් සහිත රන් භාණ්ඩ බැංකුවට උකස් කර සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනුණේ ඔවුන් තිදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100 ක වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයේ දී ය.

මාණ්ඩලික සහකාර නිලධාරිනිය ලෙස සේවය කළ 36 හැවිරිදි සැකකාරිය පානදුර බෙත්තේගම පුන්සරාවත්ත පාර නිවසේ දී ද, 37 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියක් වාද්දුවේ තල්පිටිය දකුණ, දළදාවත්ත පාර නිවසේදීද අත්අඩංගුවට ගෙන ඇත. 

36 හැවිරිදි අනෙක් නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර විහාර පාරේ පිහිටි නිවසේදීය.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) විසින් මෙහි පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුමින්ද යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත ඨ්-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි 23 වන දින අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මේ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද දිසානායක මහතා  අද (05) පෙරවරුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

ජූනි 19 වනදා දක්වා දුමින්ද දිසානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved