ජා-ඇළ , දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී අද (09) පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
මේ වෙඩි තැබීම අද පස්වරු 6.30 – 7.30 අතර කාලයේදී සිදුව ඇතැයි පැවසේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ.
වෙඩි ප්‍රරහායට ලක්වූ පුද්ගලයින්ට නිවසින් පිටතට පැමිණ ලෙස දුරකථන ඇමතුමක්දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
එහිදී එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර අනෙක් පුද්ගලයා දිව ගොස් තිබේ.
වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාද පළගොස් තිබේ.