Connect with us

පුවත්

ජැක්සන්ගේ බෑනා මානව හිමිකම් යයි

Published

on

පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණ තිබේ.

අතුරුගිරිය පොලිස් ස්ථානයෙන් තමන්ට සිදු වූ මානසික සහ ශාරීරික හිංසනයන්ට එරෙහිව මෙන්ම අනීතිකව අත්අඩංගුවට ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු සිය පැමිණිල්ල කර ඇත.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිදුවීම සිදු වූ අවස්ථාවේ දී තමන් නිවසට මීටර් 50ක් පමණ දුරකින් පිහිටි වෙළෙඳසැලකට යමින් සිටියදී පොලිස් ත්‍රීවිල් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලූ බවත් පොලීසිය තමාට පරුෂ වචනයෙන් බැන වදිමින් අනීතික ලෙස අත්අඩංගුවට ගත් බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙන අතර තාවකාලික ස්ථාන මාරුවීම් ද ලබා දී තිබේ.

නමුත් මෙම සිදුවීමට සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබා දෙන මෙන් තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එම නිලධාරින් මාරු කර යවා ඇති නමුත් ඔවුන්ට දඬුවමක් ලබාදී නොමැති බව ඔහු පවසයි.

තමන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ජැක්සන් ඇන්තනී මහතාගේ බෑණා ලෙසට නොවන බවත්, සිවිල් පුරවැසියෙකු ලෙස අනීතිකව තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමන් සටන් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමින් ඔහු මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් මහේන්ද්‍ර හීනටිගල,

”මිනිස් අයිතිවාසිකම් කියන්නෙ රටේ ඉන්න, ලෝකෙ ඉන්න හැම මානවයට ම ලැබෙන අයිතීන්. ඉතින් මමත් මේ රටේ පුරවැසියෙක්. පුරවැසි අයිතීන් සුරක්ෂිත කරන්න ඕනි රාජ්‍යයෙන්. ඒ වගේම නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීන්ම තමයි මේවා ආරක්ෂා කරන්න ඕනි. ඔවුන්ගෙන්ම අපේ මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවා නම් අපිට වෙන සරණක් නෑ. ඔවුන්ට විරුද්ධව අනිවාර්‍යයෙන්ම පියවර ගන්න ඕනි.

ඔහු එවැනි විමර්ශනයක් තියෙද්දිත් අතුරුගිරියේ පොලිස් ස්ථානාධිපති විසින් යූටියුබ් නාලිකාවන්ට සාකච්ඡාවන් දෙනවා ඔහුගේ දුරකථන අංකයත් එක්ක. මම මේ කියන්නේ මේ රටේ පොලිස්පතිතුමා ඇතුළු මේ පොලිස් නිලධාරීන් මම නීතිවේදියෙක් අපි නීතිය දන්නවා. එතකොට විමර්ශනයක් යනකොට ඒ අදාළ කටයුත්ත ගැන ලෝකෙට ප්‍රකාශ කරන්නේ මාධ්‍යට දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පත්වෙලා ඉන්නෙත් ඒ දේ කරන්නත් එක්ක. එතකොට මේ පැමිණිල්ලේ ප්‍රධාන වගඋත්තරකරුවෙක් වන අතුරුගිරිය පොලිසියේ OඓC පෞද්ගලික යොඋටුබෙ නාලිකාවකට ඉතාම බොරු පවසමින් තමන්ගේ රැකියාවේ තියෙන නෛතික ජීව ගුණය පාවාදෙමින් ඔහු ඔහුට සිතැඟි පරිදි ප්‍රකාශ කරනවා නම් මං හිතන්නේ නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕනේ ඔහුට ඔහු කරන්නේ ඔහුගේ රැකියාවට බරපතල වරදක්”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved