පුවත්

ජැෆ්නා පිලට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්

Published

on

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බව මහ බැංකුව පවසයි.

එම ආයතනය ශ්‍රී ලංකා මහ බැං කුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවද පැවැසේ.

එම ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජි. සමාගම සමඟ ගිවිසුම් ගතව තිබූ අතර ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාං ජනය මුද්‍රණය කිරීමටත් තරග පැවැත්වෙන ක්‍රීඩාං ගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් පිරමිඩ සමාගමක් ලෙස කටයුතු කරන බවට මෙම සමාගමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ එම සමාගම එල්.පී.එල්. අනුග්‍රහකත්වය ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී සමාගම පසුව කටයුතු කළේය.

මූලාශ්‍රය – හිරු

Trending

Exit mobile version