පුවත්

ජුනි අන්තිමේදී ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්?

Published

on

ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදලක් අනුමත කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම අරමුදල සඳහා අනුමැතිය ජූනි 28දා පැවැත්වීමට නියමිත ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී හිමි නියමිත බව එහි සඳහන් වේ.

ලංකාවේ අයවැය සහ සුභසාධන කටයුතු සඳහා ලබාදෙන සහයෝගයක් ලෙස මෙම මුදල් අනුමත කෙරෙනු ඇතැයි එහි දැක්වේ.

එහිදී ඩොලර් මිලියන 500ක මුදලක් අයවැය සඳහා වන සහායක් ලෙස අනුමත වනු ඇති බවත්, එය ඩොලර් මිලියන 250 බැගින් වූ කොටස් දෙකක් යටතේ හිමිවනු ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.

මෙහි මුල් කොටස ලෝක බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගින්ම බොහෝ දුරට ලබන ඔක්තෝබර් මාසයේදී නිකුත් කෙරෙනු ඇති බව පැවසේ.

එසේම ලෝක බැංකුව ලබා දෙන ඉතිරි ඩොලර් මිලියන 200ක මුදල ශ්‍රී ලංකාවේ දුප්පතුන් සඳහා වන වැඩසටහන් වෙත ලබාදීමටත් සැලසුම් කර ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version