Connect with us

පුවත්

ජුනි සිට තවත් ලක්ෂ 4කට අස්වැසුම

Published

on

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

“අවුරුදු 5, 6කට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අපිට තියෙනවා. මාස 6ක් තිස්සේ රුපියල හෙල්ලෙන්නේ නෑ.

අපි තෙල් මිල අඩු කළා. විදුලිබිල අඩු කරා. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරා. අස්වැසුම දීමනාව වැඩි කරා.

ඒ විතරක් නෙමෙයි අලුතින් අස්වැසුමට ජූනි මාසයට අලුත් පවුල් ලක්ෂ 4කට ලබාදෙන්න කටයුතු කරනවා.

පාසල් දරුවන්ට සියලු නිල ඇඳුම් දෙනවා. ළමයි 300ට වඩා අඩු පාසල්වලට සපත්තු ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ 16කට පාසල් පොත් ගන්න රු 6,000 බැගින් දුන්නා.

ජනතාව බලාගන්න ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි අපි අලුතින් අවුරුදු 5 – 6කට පස්සේ 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මන්ත්‍රීවරු, ඇමතිවරු පස්සේ යන්න ඕන නෑ. පත්තරේ දානවා, විභාගයට වාඩි වෙන්න, වැඩිම ලකුණු ගන්න රස්සාව ලැබෙනවා.

රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තියෙනවා. පොලීසියෙත් එහෙමයි. ඒ නිසා අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව දන්න ඔබේ දරුවන්ව පොලිස් සේවයට බඳවන්න. ඒක ගෞරවාන්විත රස්සාවක්. අපේ රටේ නීතිය සාමය රකින්න තියෙන රස්සාව. තව පහසුකම් දෙනවා. රාජ්‍ය සේවයට දෙමළ භාෂාව පුළුවන් අය බැඳෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු.”

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved