පුවත්

ජූලි මස 15 විදුලි ගාස්තු සංශෝධනයක්

Published

on

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත. 

Trending

Exit mobile version