පානදුර දිග්ගල ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ විනෝදයට ජෙට් ස්කි පදිමින් සිටි පුද්ගලයකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගසා තිබූ කඹයේ පැටලී අද (25) දියේ ගිලී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර දිග්ගල පදිංචිව සිටී 42 හැවිරිදි අවිවාහකයෙකි.
මියගොස් ඇති පුද්ගලයා පුරුද්දක් ලෙස ජෙට්ස්කි පදින අයෙකු බව පැවසේ.
ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මගින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් කල අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොලට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටී බව වාර්තා වේ.